"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල
කෙල්ලෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.
නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.
වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.
"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක් ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.
" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"
ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා
"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"
ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
.
.
> ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.

No comments:
Post a Comment